අප පාසල විසින් වර්ෂ පහක් ගෙවී යත්ම සංවිධානය කරනු ලබන
කලා උළෙල 2023 වර්ෂයේදීත් විදුහල්පතිතුමාගේ කැමැත්ත පරිදි කලා අංශයේ සිසු සිසුවියන් සහ ගුරුවරුන් එක්ව සාර්ථකව සංවිධානය කරන ලදී.
චිත්‍ර, නැටුම්, සංගීතය, නාට්‍ය හා රංග කලාව ආදී කලා අංශයන්ගෙන් මෙම කලා උළෙල සුන්දර කිරීමේ අදහසින් එකී විෂයන් භාර ගුරුබවතුන් සිය මහන්සියෙන් යුතුව කලා උළෙල සඳහා විවිධ අංග ඉදිරිපත් කිරීමට කටයුතු සිදු කරන ලදී.මෙම කලා උළෙල සඳහා හරවත් මාතෘකාවක් විමසා බැලූ කලා අංශයේ ගුරුබවතුන් කලාවට අධිපතිනිය වූ සරස්වතී මෑණියන්ගේ එක් පැතිකඩක් වන 'කාදම්බරී' නැමැති නාමය මේ සඳහා යොදාගන්නා ලදී. කාදම්බරී කලා උළෙලේ සාර්ථකත්වය සඳහා සිසු දරුවන්ගේ කලාත්මක චින්තනය සහ දක්ෂතා එළිදැක්වීම ආදී කරුණුවලට මූලිකත්වය ලබා දුන් විදුහල්පතිතුමා සිසු සිසුවියන්ගේ කැමැත්තට ඉඩ ලබාදෙන ලදී.
එම නිසාම චිත්‍ර දරුවන්ගේ චින්තනය ප්‍රකාශ කිරීම සඳහා චිත්‍ර ප්‍රදර්ශනයක්ද සංගීතය හා නර්තනය හදාරන දරුවන්ගේ දක්ෂතා එලි දැක්වීම සඳහා කාදම්බරී කලා උළෙලේ වේදිකාවද දරුවන් අතට පත් කර දෙන ලදී.මෙලෙස අප දරුවන්ගේ සහ කාර්ය මණ්ඩලයේ දැඩි කැපවීම මත 2023 කාදම්බරී කලා උළෙල සාර්ථකව නිමා කිරීමට රාජසිංහ විද්‍යාලයට හැකියාව ලැබින.





