- පෙ.ව. 7.30 ට පෙර පාසලට පැමිණිය යුතුය.
- නිල ඇදුම සහ හිසකෙස් පාසල් විනය නීති රීති වලට අනුගත විය යුතුය.
- සියලුම ශිෂ්‍ය නායකයින් තම නිල ලාංඡන පැළදිය යුතුවේ.
- පොලිතීන් භාවිතය සපුරා තහනම්.
- විද්‍යාලයේ ලබා දී ඇති ශිෂ්‍ය වාර්තා පොත දිනපතා පාසලට රැගෙන ආයුතු වේ.
- පාසල් පැමිණි පසු පාසැල නිම වෙන තුරු විදිමත් අවසරයකින් තොරව පාසලෙන් හා පන්තියෙන් බැහැර නොයා යුතුයි.
- විවේක කාලයේදී හැර වෙනත් කිසිම කාල පරිච්ඡේදයක ආපන ශාලාවේ රැදී නොසිටියයුතුය.
- සියලු සිසුන් නියමිත නිල ඇදුමින් සරසී පාසලට පැමිණිය යුතු වන අතර විෂය බාහිර කටයුතු සදහා පැමිණෙන සියලු සිසුන්ද පාසල් කල වෙලාව තුල නිල ඇදුමින් පමණක් පාසලට ඇතුළු විය යුතුය.
- පාසලට පැමිණීමේදී හා පාසලින් පිටව යාමේදී පාසල් වෑන් රථය,බස් රථය,දුම්රිය ආදී පොදු සේවාවන් භාවිත කිරීමේදී සැමවිටම විද්‍යාලයේ ගෞරවය ආරක්ෂා වන පරිදි ගමන් කල යුතුය.
- 6,7,8,ශ්‍රේණි වල සිසුන් ඔරලෝසු පැලදීම නොකළ යුතුයි.
- සියලුම සිසුන් පාසලට ගැලපෙන පරිදි කොණ්ඩය,රැවුල හා නියපොතු ආදිය තිබිය යුතුය.
- ශිෂ්‍යාවන් කොණ්ඩය දෙකට ගොතා නියමිත නිල ඇදුමින් පැමිණිය යුතුය.
- කරමාල,බෙස්ලට්,මුදු හෝ ඇත පළදනා ඇතුළු ආභරණ පලද පාසලට පැමිණීම සපුරා තහනම් වේ.
- පාසලට නොගැලපෙන ලිපි,ලේඛන,පුවත්පත්,කැසට්පට,සී.ඩී. විවිධ තැටි හා දුරකථන ආදී විවිධ උපකරණ පාසලට රැගෙන එම සම්පූර්ණයෙන්ම තහනම් වේ.
- විදුහල්පති විසින් දෙනු ලබන උපදෙස් ක්‍රියාත්මක කිරීම ආචාර්ය මණ්ඩලයේ සහ ශිෂ්‍ය නායක මණ්ඩලයේ වගකීම බැවින් ඔවුන් විසින් කරනු ලබන මග පෙන්වීම් වලට අවනතව ක්‍රියා කිරීමට සෑම ශිෂයෙක්ම බැදී සිටිය යුතුයි.





