ගම්/ රාජසිංහ විද්‍යාලය

පාසලේ ඉතිහාසය

වෙසක් පෙර පෝය වැඩසටහන

වාර්ෂික මළල ක්‍රීඩා උළෙල

WhatsApp Image 2024-10-04 at 06.26.42_f88aa848.jpg
WhatsApp Image 2024-10-04 at 06.26.42_f88aa848.jpg

සොභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.   කොලඔ මහනුවර මාර්ගයට යාබදව පිහිටා තිබෙන මංසන්ධිය විදුහල නිසාම "ඉස්කෝලේ හන්දිය" නමින් ප්‍රකටව ඇත.අක්කර 3ක් පමණ වූ විදුහල් භුමිය වෙල්යාය නිසා කොටස් 02ක් වශයෙන් පවතී.පැරණි කොටසෙහි පළමු වසර සිට පහ වසර දක්වාද කොලඔ සිට නුවර මාර්ගයට යාබද කොටසෙහි හය වසර සිට දහතුන වසර දක්වාත් පන්ති පැවැත්වේ.

වර්ෂ 1970  කුඩා පොල් අතු මඩුවක ජේ.ආර්.පී.කරුණාරත්න මහතාට අයත් ඉඩමේ ආරම්භ කල මෙම පාසල මුලින් හැදින්වූයේ  "බැප්ටිස්ට් නිකායික පාසල" නමිනි. පසුව එය "ස්වභාෂා පිරිමි පාසල" නමින් හැදින්විය.දොන් ජානිස් ගුනවර්ධන මහතා ආරම්භක ප්‍රධානාචාර්යවරයා විය.එකල ගුරු මණ්ඩලය උපගුරුවරයෙකුගෙන් හා මොනිටර් ගුරුවරු 4 දෙනෙකුගෙන් සමන්විත විය.
1947 වසර පාසල් ඉතිහාසයේ වැදගත්  සන්ධිස්ථානයක් විය.මන්ද පාසල ඉංග්‍රිසි කනිෂ්ඨ විද්‍යාලයක් බවට පත්වීමය. මෙකල විදුහල මිශ්‍ර  පාසලක් බවට පත් වූ අතර ඇල්බට් පෙරේරා මහතා ප්‍රධානාචාර්ය ධූරයට පත් විය.ගුරු මණ්ඩලයත්, ශිෂ්‍ය සංඛයාවත්  ශීග්‍රයෙන් වර්ධනය වූ අතර ගොඩනැගිලි කිහිපයක්ම ඉදි විය. නැටුම්,සංගීත,වාණිජ,ගෘහ විද්‍යාව විෂය මාලාවට එක් විය.
ඇල්බට් පෙරේරා මහතාට පසුව පැමිනි ජේ.පී.ගුණතිලක මහතාගේ සමයේ බුදු මැදුර තැනීම ඇරබුනු අතර තාවකාලික ගොඩනැගිලි ස්ථීර ගොඩනැගිලි බවට පත් විය.සී.එන.වී.කේ.බණ්ඩාර විදුහල්පති සමයේ බුදු මැදුර තැනීමෙ කටයුතු අවසන් විය. බන්ඩාර මහතාට පසු විදුහල්පති වූ වයි.පී.සෙනෙවිරත්න මහතා කල නුවර පාරට යාබද  කොටස් පාසලට පවරා ගැනීම සිදු විය.

රාජසිංහ මහා විද්‍යාල යුගය 

   1962 පාසල් ප්‍රතිසංවිධානය වීමත් සමග ජාතික වීර වරයන්ගේ නම් වලින් පාසල් හැදින්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඉඹුල්ගොඩ මහා විද්‍යාලය, රාජසිංහ මහා විද්‍යාලය ලෙස හැදින්විණ.

ආරම්භ කළ වර්ෂය

1870

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

05

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

10

මුල් ගුරුතුමාගේ නම

කිරිබත්ගොඩ කර්නේලිස් තබ්‍රාල් මහතා/ජේ.පී.ආර්.කරුණාරත්න

පාසලේ ආදි කතෘගේ නම

දොන් ජානිස් ගුණවර්ධන   

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

12

පාසලේ නම

ගම්/ රාජසිංහ විද්‍යාලය   - ඉඹුල්ගොඩ  

පාසල භාරව කටයුතු කිරීම

ජී.වී. හල්පොල මහතා

පාසල රජයට පවරාගත් දිනය

1964  දී

පාසල පැවැත්වූ ස්ථානය

ජේ.ආර්.පී.කරුණාරත්න මහතාට අයත් ඉඩමෙහි තාවකාලික මඩුවක

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

එම්.සී.එම්.සමරසිංහ 

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

          -

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1950 දී