නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
සුසන්ත රාජපක්ෂ
අප පාසලේ මූලිකම අරමුණ වන්නේ රටට වැඩදායී,යහපත්,මනා පෞර්ශයකින් යුත් දරු පරම්පරාවක් මෙරටට බිහි කිරිමයි. එය සදහා අප පාසලේ විදුහල්පති හා මා ඇතුළු අප පාසලේ සියලුම ගුරුභවතුන් මනා කැපවීමකින් යුක්තව ක්‍රියා කරන අතර මාගේ මේ කෙටි සේවා කාලය තුල අප පාසලට හා ළමයින්ට උපරිමයෙන් සේවය කරනු ලැබුවෙමු.
එමෙන්ම අපි අප පාසලේ ආදර්ශ පාඨය වන "ප්‍රඥාව මිනිසා පාරිශුද්ධ කරයි" යන පාඨයට අනුව ළමයින්ට පාසල් විශය කරුණු පිළිබද දැනුම මෙන්ම එදිනෙදා ජීවිතයේදී ජීවත් විය යුතු ආකාරය පිළිබදව ද ගුරුභවතුන් ළමයින්ට දැනමුතුකම් ලබා දුන්නෙමු. අප සියලු දෙනාගේ කැපවීමේ උපරිම පල නෙලාගෙන රටට සේවය කරන යහපත් විනයගරුක ළමයින් පිරිසක් වන්නට අවශ්‍ය ශක්තිය, වීර්ය, වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
අප විද්‍යාලය , නව අදහස් විවිධ පාර්ශව සමග තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය හා සම්බන්ධව කටයුතු කරනු ලබන බාහිර පාර්ශවයන්ට මෙමගින් පහසුවෙන් අප පාසල් ක්‍රියාවලිය හදුනා ගැනීමට හැකි වන බව මා විශ්වාස කරමි. මෙම කර්තව්‍ය දිනෙන් දින වර්ධනය වේවා යි මාගේ හදවතතින්ම ප්‍රාර්ථනා කරමි.
සුසන්ත රාජපක්ෂ
නියෝජ්‍ය විදුහල්පති
ගම්/රාජසිංහ විද්‍යාලය .





