ගම්/ රාජසිංහ විද්‍යාලය

වෙසක් පෙර පෝය වැඩසටහන

වාර්ෂික මළල ක්‍රීඩා උළෙල

WhatsApp Image 2024-10-04 at 06.26.42_f88aa848.jpg
WhatsApp Image 2024-10-04 at 06.26.42_f88aa848.jpg
නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙල

නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙල

සෑම වර්ෂ දෙකක් පාසාම පවත්වනු ලබන නිවාසාන්තර ක්‍රීඩා උළෙල

2023 වර්ෂයේදීත් සංවිධානය කළ පරිදි පැවැත්විණ.මයුර තිසර පරවි යන නිවාස නියෝජනය කරමින් පාසලේ සියලුම සිසු සිසුවියන් සහ ගුරුබවතුන් මෙම ක්‍රීඩා උළෙල සඳහා ඉදිරිපත් වූ අතර තම නිවාසය ජයග්‍රහණය කරවීම සඳහා කැපවී ක්‍රියා කරනු ලැබුවා.

මෙහිදී දරුවන්ගේ දක්ෂතා උරගා බැලීම සඳහාත් සිසුන් අතර සමගිය සහයෝගිත්වය හා කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීම මෙන්ම ජය පරාජය සමව විඳවරා ගැනීම ආදී සමබර මානසිකත්වයකට දරුවන් හුරු කිරීමේ අරමුණ පෙරදැරිව  ක්‍රීඩා උත්සවය සංවිධානය කරන ලදි.ක්‍රීඩා උළෙලේ සාර්ථකත්වය සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා සහ වෙනත් විද්‍යාලවල ගුරු විදුහල්පතිවරුන් මේ සඳහා සහභාගී විය. එහිදී අප පාසල් සිසුවියන්ගේ දක්ෂතා ප්‍රශංසාවට ලක් වූ අතර එය නිවාසවල ජයග්‍රහණය සඳහා තව තවත් ශක්තියක් විය.

දිවීමේ තරග, දුර පැනීම, උස පැනීම, කව පෙ‍ත්ත‍ විසි කිරීම, යගුලිය විසි කිරීම, හෙල්ල විසි කිරීම ආදී මලල ක්‍රීඩාත් අත්පන්දු, දැල්පන්දු, ක්‍රිකට්, එල්ලෙ ආදී කණ්ඩායම් ක්‍රීඩාත් සරඹ සංදර්ශනය ආදිය ද මගින් දක්ෂතා ඉදිරිපත් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අවසානයේදී මයුර නිවාසය ප්‍රථම ස්ථානයත් පරවි නිවාසය දෙවන ස්ථානයත් තිසර නිවාසය තුන්වන ස්ථානය බවටත් පත් කරමින් කලා උළෙලේ සාර්ථකත්වයඉදිරිපත් කරන ලදි.

                                                                                

    

 

 

 

Latest News

''නෙයිනගේ සූදුව'' වේදිකා නාට්‍ය

අප විද්‍යාලයේ ගුරු සුබ සාධක සංගමයේ අරමුදලට ආධාර පිණිස ප්‍රවීණ රංගන ශිල්පී කිත්සිරි හේවාගමගේ නාට්‍ය නිර්මාණයක් වන නෙයිනගේ සුදුව 2024 ඔක්තෝබර් මස 18 වන දින පස්වරු 1.30 හා පස්වරු 6.30 අප විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී විදුහල්පති අමරවීර මුදලිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් වේදිකා ගත විය.

 

                                                                 

පොසොන් පොහොය නිමිති කරගත් සීල භාවනා වැඩසටහන

මෙවර 2023.06.21 දින යෙදී තිබූ පින්බර පොසොන් පොහොය නිමිති කොටගෙන

කාදම්බරී කලා උළෙල

අප පාසල විසින් වර්ෂ පහක් ගෙවී යත්ම සංවිධානය කරනු ලබන

නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙල

සෑම වර්ෂ දෙකක් පාසාම පවත්වනු ලබන නිවාසාන්තර ක්‍රීඩා උළෙල