කිසියම් වින්දනයක්, ආස්වාදයක්, රසයක් ලැබීමට හැකි ආකාරයට සකස් කළ කලාත්මක, නිර්මාණාත්මක දේ සාහිත්‍යය ලෙස හ¾දුනා ගත හැකිය. එහිදී රටක, භාෂාවකට අයත් ශාස්ත්‍රීය ලේඛන, නිර්මාණාත්මක පතපොත් සමූහය මෙන්ම මුඛපරම්පරා ගතව සමාජයේ පවතින ජනශ්‍රැති, ජනවේදයන්ද මේ යටතට ගැනේ. සාහිත්‍යය රචනා වන්නේ යම්කිසි අරමුණක් මූලික කර ගනිමිනි. නිදසුන් ලෙස ධර්ම ප්‍රචාරණය, අර්ථලාභය, කීර්තිය, ශික්ෂණය හා රසවින්දනය යන අරමුණු මූලික කරගෙන මෙරට සම්භාව්‍ය සාහිත්‍යයේ නිර්මාණ කෘති රචනා කර ඇත. එහිදී අමාවතුර ලියැවෙන්නේ, ‘නොවියත් හුදී ජනන්’ උදෙසාය. ධම්සරණ ලියැවෙන්නේ, ‘සත්පුරුෂයන් සන්තෝෂ සඳහා ඇසුවනට ස්වර්ගමෝක්ෂ සම්පත්තිය’ සඳහාය. සද්ධර්ම රත්නාවලිය ලියැවෙන්නේ, ‘සත්පුරුෂයන්ට වැඩ සඳහා’ය. සිදත් සඟරාව ‘දුහුනන්ට දැනුම් සඳහා’ ලියැවෙයි. පූජාවලිය ‘අට වැදෑරුම් ලෝවැඩ සඳහා’ ලියැවෙයි. මේ සියලු සාහිත්‍ය නිර්මාණ අදාළ ග්‍රාහක සමාජයට සමීප කිරීම සඳහා යම්කිසි අරමුණක් සහිතව රචනා වන අර්ථයක් සහිත කලාත්මක, නිර්මාණාත්මක ස්වරූපයක් ගෙන ඇත.
සාහිත්‍යය සහ සමාජ සම්බන්ධතා දෙස අවධානය යොමු කළහොත් සාහිත්‍යය මූලික වශයෙන් කාරණා කිහිපයක් නිසා වැදගත් වේ. සාහිත්‍යය යනු සමාජ සම්බන්ධතාවල ප්‍රකාශනයකි. එසේම එය කලාත්මක නිර්මාණයකි. සාහිත්‍යය බිහිවන්නේ සමාජයෙනි සාහිත්‍යකරුවා සමාජයේ නියෝජනයකි. සමාජය හා සාහිත්‍යය අතර තිබෙන්නේ එකිනෙකට වෙන්කළ නොහැකි බැඳීමකි. ජීවිතයේ ආරම්භයේ පටන් මරණය දක්වා යන ගමනේදී මානව ජීවිතය සාහිත්‍යය සමඟ බද්ධ වී ඇත. මාර්ටින් වික්‍රමසිංහයන් පෙන්වා දෙන්නේ, පුද්ගලයකු අවුරුදු දෙසීයක් ජීවත් වීමෙන් වුවද ලැබිය නොහැකි දැනුමක්, අත්දැකීමක්, රසවින්දනයක් සාහිත්‍යය ඇසුරු කිරීම මඟින් ලැබිය හැකි බවයි. සාහිත්‍යයට මෙතරම් දේ කළ හැකි වන්නේ එය බිහි වන්නේ සමකාලීන සමාජය ඇසුරු කරගනිමින් වන බැවිනි. එහිදී සාහිත්‍යය නිර්මාණ මඟින් ඒ ඒ සමාජයේ මිනිසුන්ගේ ජීවිතය විවරණය කරයි. සැබැවින්ම සාහිත්‍යය යනු මානව සමාජය පෙන්වා දෙන කැඩපතකි.
සාහිත්‍යය ලෙස පවසන්නේ කාලය, අවකාශය, දේශසීමාවලින් ඔබ්බට ගිය මිනිසත්කම හා බැ¾දුණු අපට අත්විඳිය හැකි දෙයකි. එහිදී සාහිත්‍යය මඟින් මානව ජීවිතය විවරණය කිරීමේදී ලොව විවිධ රටවල වෙසෙන මිනිසුන්ගේ ජීවන අත්දැකීම් අප වෙත සමීප කරයි. මෙම සමීප බව ඇති කිරීමෙහිලා සාහිත්‍යය මඟින් නිරන්තරයෙන් මනුෂ්‍යත්වය පොදු වූ ධර්මතා ගෙනහැර දක්වයි. වෙනස් ඇ¾දුම් පැලඳුම් අඳින, වෙනස් කෑම බීම ආහාර ගන්නා, වෙනස් භාෂා කතාබහ කරන භූගෝලීය වශයෙන් කිසිදා මුණ නොගැසුණු මිනිසුන් සමඟ සම්බන්ධතා ගොඩනැඟීමට සාහිත්‍යය නිර්මාණයට හැකියාව ලැබී ඇත්තේ එම නිර්මාණ පොදු මනුෂ්‍යත්වයකින් වෙළී පවතින බැවිනි.
බොහෝ විද්වතුන් පෙන්වා දෙන්නේ සාහිත්‍යය යනු අධ්‍යාත්මය, සදාචාරය සහ ජීවිතාවබෝධය යන තුනේම එකතුවක් බවයි. මේ නිසා මානව කණ්ඩායම්වල අන්තර් සම්බන්ධතා හා බැ¾දුණු ඉතිහාසයේ ප්‍රකාශනයක් ලෙස සාහිත්‍යය හඳුන්වාදිය හැකිය. බොහෝ විට මේ සාහිත්‍යයේ මිනිසුන් තමන්ගේ ජීවිතයේ අත්දුටු දේ, ඒවා අත්විඳි ආකාරය පිළිබඳ කතාන්දරයක් අන්තර්ගත වෙයි.
සාහිත්‍යය යන්න කලාවකි. සමාජය තාක්ෂණ සමඟ කෙතරම් වේගයෙන් ඉදිරියට ගියත් සමාජයට, පුද්ගලයාට සැනසීමට කලාව වැදගත් වේ. කලාව මිනිසාගේ නිර්මාණශීලිත්වය මත පදනම් වූ දෙයකි. එහි අන්තර්ගත වී ඇත්තේ සෞන්දර්යය ගුණයයි. මේ නිසා කලාව ජීවනය, කම්කටොලුවලින් ගැලවී සිටීමට, ජීවන ගැටලු ඉදිරියේ අකම්පිතව සිටීමට, දරා ගැනීම, මුහුණදීමට, රසවින්දනයට මඟ පාදයි. ජීවිතයේ ඉගෙනීම පිළිබඳ සඳහන් කරන විය අප ප්‍රකාශ කරන්නේ ‘ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නවා’ යනුවෙනි. සාහිත්‍යය අයිති වන්නේ මේ ශාස්ත්‍රයටය. තවත් පැත්තකින් සාහිත්‍යය මිනිසා උගත් ‘ශිල්පය’ ප්‍රායෝගිකව හා ගුණාත්මක භාවිතයට ගන්නා ආකාරය පිළිබඳ පෙන්වා දෙන කලාවකි. අපට අනෙකාව අවබෝධ කර ගැනීම සඳහාත්, වෙනස් සමාජයක් අවබෝධ කරගැනීම සඳහාත්, වෙනස් ආකාරයට හිතන විදිහක් ගැන අවබෝධ කර ගැනීම සඳහාත් සාහිත්‍යය ඉතා වැදගත්වේ. හුදෙක් උගත්කමින් පමණක් නොලබ බොහෝ ගුණධර්ම සාහිත්‍ය මඟින් මිනිසාට ප්‍රදානය කරයි.





