අප පාසල් දරුවන්ගේ ජාත්‍යන්තර භාෂා අධ්‍යයනය සඳහා මෙන්ම වෙනත් රටවල සංස්කෘතිය පිළිබඳ දැනුම ලබා ගැනීම සඳහා අප විදුහල්පතිතුමා විසින් ජපන් සංගමය පිහිටුවා ලීමට කටයුතු සිදුකරන ලදී.එහි ප්‍රතිඵලයක් වශයෙන් පාසලේ ජපන් විෂය උගන්වනු ලබන මංචනායක මහත්මියගේ මූලිකත්වයෙන් අප පාසල් දරුවන්ගේ ජපන් භාෂා දැනුම ඉහල දැමීමේ අදහසින් මාසයකට එක් වතාවක් බැගින් ජපන් සංගමයේ කටයුතු ක්‍රියාත්මක කෙරේ.
මෙහි දී ජපානයේ පවතින සංස්කෘතික, ආගමික, සාමාජීය, තොරතුරු පිළිබඳ මනා අවබෝධයක් සිසු දරුවන්ට ලබාගත හැකි වීමත් ජපන් භාෂාවේ මූලික දැනුම ලබාගැනීමට හැකි වීමක් නිසා ඉංග්‍රීසි භාෂාව හා සමානව ජපන් භාෂාව ද අප පාසල් දරුවන්ට හැදෑරීමට අවස්ථාව සැලසෙන බව විදුහල්පතිතුමා දන්වා සිටියි.






